වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් අසාර්ථක වන සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම හෝ රට වටා යමින් ජනරැස්වීම් පැවැත්වීම සිදුකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා චෝදනා කරයි.
ජනාධිපතිවරයා නැවතත් රට පුරා ජනරැස්වීම් මාලාවක් පැවැත්වීමට සූදානම් වන බවට මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති බව සඳහන් කළ ඒ මහතා, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් රට කිරියෙන් පැණියෙන් ඉතිරී සුගිත මුදිත වන බවට වූ විශාල “සුරංගනා කතාවක්” ජනතාව හමුවේ කීමට ජනාධිපතිවරයා මෙසේ සැරසෙන බව වැඩිදුරටත් පැවසීය.














