ලෝක බැංකු වාර්තාවලට අනුව මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් එක වේලක් පමණක් අනුභව කරමින් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින පසුබිමක, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආහාර වෙනුවෙන් කෝටි 24ක මුදලක් වියදම් කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා චෝදනා කරයි.
කලින් ආණ්ඩුවේ කථානායකවරයා කෝටි 4ක තෙල් ගසා ඇති බවට පළවන වාර්තාවලට තකට තක පිළිතුරු දෙමින් ආණ්ඩුව මෙලෙස කෝටි 24ක බත් කාලා ඇති බවත්, මෙසේ මහජන මුදල් වියදම් කරන මැති ඇමතිවරුන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බඩගින්න පිළිබඳ කිසිදු දැනීමක් වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














