රටේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා නව උපායමාර්ගික රාමුවක් සකස් කිරීමටත්, නිපුණතා සංවර්ධන පද්ධති නවීකරණය කරමින් පුළුල් පරිවර්තන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නවීන ලෝකයේ රැකියා වෙළඳපොළට ගැළපෙන පරිදි තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම, වෘත්තීය පුහුණු ආයතනවල මට්ටම ඉහළ නැංවීම සහ මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන දක්ෂ ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වේ.
















