දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 200කි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී ඇත. එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීම අද වන විට විශාල අභියෝගයක් වී ඇති බවත්, අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීම වන්නේ ගොවි ජනතාවගේ දුප්පත්කම නැති කිරීම බවත්ය.
















