ටිබෙට්-නේපාල දේශසීමා අතර 50,000ක පිරිසක් වාසය කරන ගම්මානයක සිදුවූ හදිසි නායයෑමකින් සහ ගංවතුරකින් දැනට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි. ග්ලැසියර් ආශ්‍රිතව පිහිටි බෝටේ කෝෂි නම් ගංගාවේ ජලය ඒවා දිය වීමත් සමඟ එකවර ඉහළ යෑම හේතුවෙන් මෙම හදිසි ආපදා තත්ත්වය හටගෙන තිබේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් දැඩි ජීවිත හා දේපළ හානි වාර්තා විය හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, මේ වන විට 400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව CNN මාධ්‍ය වාර්තා කරයි.














