ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සාමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල – 2026 සඳහා වන තරග අංශ යටතේ, වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් අවසන් වටයට නිර්දේශ වූ කෘති සහ ලේඛකයින්ගේ නාමලේඛනය සංවිධායක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියක් මගින් පවත්වනු ලබන එකම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාහිත්‍ය සම්මාන උළෙල වන මෙම උළෙලේදී, කෙටිකතා අංශය යටතේ නිර්දේශිත කෘති අතුරින් විශිෂ්ටතම නිර්මාණය තේරීම සඳහා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් කටයුතු කරනු ලබයි.
අදාළ අවසන් වටයේ සම්මාන ප්‍රදානෝත්සවය ඉදිරියේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී කෙටිකතා, නවකතා, පද්‍ය, තීරුවිචාර සහ මානවශාස්ත්‍ර අධ්‍යයන අංශයන්හි ජයග්‍රාහකයින්ට සම්මාන හිමිවීමට නියමිතය.














