පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සහ විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට තමන්ට ජනතාවගෙන් පැහැදිලි ජනවරමක් ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
විපක්ෂයට ජනවරමක් නැතැයි පැවසීමට කිසිවෙකුටත් නොහැකි බවත්, තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින්නේම මහජනතාව ලබාදුන් එම ජනවරම නිසා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය, කතා කිරීමේ නිදහස සහ භාෂණයේ නිදහස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටීමට ජනතාව තමන් වෙත මෙම වගකීම පවරා ඇති අතර, එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














