ජර්මනියේ ගුවන් තොටුපළක සේවය කළ පුද්ගලයෙකු ගුවන් යානයක් තුළ සිට පැමිණි මදුරුවෙකු දෂ්ට කිරීම හේතුවෙන් මැලේරියා රෝගය වැළඳී මියගොස් ඇති බව BBC වාර්තා කරයි.
සාමාන්‍යයෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වන කලාපයකට අයත් නොවන ජර්මනිය වැනි රටක සිදුවූ මෙම දුර්ලභ සිදුවීම විදේශීය ගුවන් යානයක් ඔස්සේ මැලේරියා වාහක මදුරුවෙකු පැමිණීම නිසා සිදුවන්නට ඇති බව සෞඛ්‍ය බලධාරීන් නිගමනය කර ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ ගුවන් තොටුපළ පරිශ්‍ර සහ ජාත්‍යන්තර ගුවන් යානා තුළ කටුක පලිබෝධ පාලන සහ විෂබීජහරණ ක්‍රියාවලීන් වඩාත් තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.














