ඉරානය වෙත එල්ල කෙරෙන දැඩි ආර්ථික සම්බාධක ඇතුළත් ආර්ථික යුද්ධය මෙන්ම හමුදාමය ප්රහාරයන් යන ක්‍රියාමාර්ග ද්විත්වයම එකසේ සාර්ථක සහ ඵලදායී වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව Al Jazeera නාලිකාව විශේෂ පුවත් සටහනක් නිකුත් කරමින් වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුධමය හා දේශපාලනික අර්බුදකාරී තත්ත්වය හමුවේ ‘අල් ජසීරා’ නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා තිබේ.
ඉරානයේ හමුදාමය සහ ආර්ථිකමය මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම පියවරයන් හරහා ඉරාන පාලන අධිකාරිය වෙත දැවැන්ත බලපෑමක් එල්ල කිරීමට හැකිව ඇති බවත්, ඉදිරියේදී ද අවශ්‍ය පරිදි මෙම උපායමාර්ගයන් තවදුරටත් දැඩි කිරීමට පසුබට නොවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














