ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ (World Athletics) නවතම හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ප්‍රසාද ලකුණු 1,363ක් ලබාගනිමින් රුමේෂ් මෙම අභිමානවත් නාමය තහවුරු කරගත් අතර, මීට දින කිහිපයකට පෙර පළමු ස්ථානයේ පසුවූ ජර්මනියේ ජූලියන් වෙබර් (Julian Weber) ප්‍රසාද ලකුණු 1,342ක් ලබා ගනිමින් දෙවන ස්ථානය දක්වා පසුබැස ඇත. මෙම ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානය ග්‍රෙනේඩා හි ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිව ඇති අතර, ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියාවේ නීරජ් චොප්රා (Neeraj Chopra) ප්‍රසාද ලකුණු 1,301ක් ලබා ගනිමින් පසුවන්නේ 06 වැනි ස්ථානයේය.














