නේපාලයේ හටගත් විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමා අතිශයින් කණගාටුවට පත්වන බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘X’ (ට්විටර්) ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් සිය නිකුත් කර තිබේ.
මෙම අසීරු අවස්ථාවේදී නේපාලයේ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත. මීට මාස 10කට පෙර දැවැන්ත සුළි කුණාටු ව්‍යසනයකට මුහුණ දී ඉන් ගොඩ එමින් සිටින ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නේපාල ජනතාවගේ මෙම ශෝකය එක සිතින් බෙදාගන්නා බවත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නේපාල රජයට සහ ජනතාවට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














