අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 30ක කාලසීමාවක් සඳහා වන අමෙරිකා-සවුදි න්‍යෂ්ටික ගිවිසුම අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
දේශීය බලශක්ති අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින්, ඉතිරි වන බොරතෙල් වැඩි වශයෙන් විදේශයන්ට අලෙවි කිරීම සවුදි අරාබියේ අරමුණයි. කෙසේ වෙතත්, සවුදි අරාබිය තුළ යුරේනියම් සපෝෂණය කිරීමේ (Uranium Enrichment) පහසුකම් ඇති කරගැනීමට මෙම ගිවිසුම මඟින් ඉඩකඩ සැලසෙන අතර, එය අවසානයේ න්‍යෂ්ටික ආයුධ නිපදවීම දක්වා වර්ධනය විය හැකි බවට විවේචන එල්ල වේ. නමුත් ජනාධිපති ට්‍රම්ප් ඊට ප්‍රධාන කොන්දේසියක් ඇතුළත් කර ඇත; එනම්, සවුදි අරාබිය විසින් ‘ආබ්‍රහම් සම්මුතියට’ (Abraham Accords) එක්වෙමින් ඊශ්‍රායලය සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ මෙම ගිවිසුම සමාලෝචනයට ලක්වීමට නියමිතය.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














