පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (27) යෙදී තිබේ. සම්බුද්ධ ශාසනයේ වැදගත් සංධිස්ථාන රැසක් සලකුණු වූ මෙම උත්තම පෝය දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් අරහත් භාවයට පත්වීම සහ පෙරවස් මඟහැරුණු භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම ඇතුළු ශාසනික සිදුවීම් රැසක් නිකිණි පෝය දිනය හා බැඳී පවතී.ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර සහ දිය කැපීමේ මංගල්‍යය ද මෙම පුණ්‍ය කාලසීමාව වෙනුවෙන් සිදුකෙරේ.














