ලබන අගෝස්තු 30 සිට සැප්තැම්බර් 03 දක්වා කාලය තුළ චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) කර්ගිස්තානයේ (Kyrgyzstan) පැවැත්වෙන 2026 ශැංහායි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන අතර, ඉන් අනතුරුව කර්ගිස්තානයේ සහ ඊජිප්තුවේ (Egypt) රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හි නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.
කර්ගිස්තානයේ බිෂ්කෙක් (Bishkek) අගනුවරදී පැවැත්වෙන SCO සමුළුවේදී, කලාපීය ආරක්ෂාව සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව අනෙකුත් රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපති ෂී සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම, මෙම සංචාරය ජනාධිපති ෂී ජින්පින් වසර 10කට පසු ඊජිප්තුවේ නිරත වන පළමු නිල රාජ්‍ය සංචාරය වන අතර, එහිදී ඔහු ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි (Abdel Fattah al-Sisi) හමුවී දෙරටේ ද්විපාර්ශ්වික, ආර්ථික සහ මූලෝපායික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














