රටේ සෑම පාර්ශ්වයක්ම ඒකරාශි කරමින් ප්‍රථම වතාවට බුද්ධශාසන සභාවක් රජය විසින් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ගමගේදර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජාතික භික්ෂු පෙරමුණේ සංවිධානයෙන් ඓතිහාසික රංගිරි දඹුලු පූජා භූමියේදී ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය පැවති අතර, එහිදී වැඩම කළ මහා සංඝරත්නය අමතමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වර්තමානයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉතා යුහුසුළුව විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී ඇති ස්ථානය ආරක්ෂා කරමින් රජය කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා ද මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් කළේය.
















