වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන යතුරුපැදි 13ක් නිල වශයෙන් භාරදීම පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වනජීවී කාර්යාලයේදී සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වන අපරාධ මැඬපැවැත්වීම, උග්‍ර වනඅලි – මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබාදීම සහ වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීමේ පුළුල් සැලැස්මට සමගාමීව මෙම යතුරුපැදි ලබාදීම සිදු කර ඇත. මෙම පහසුකම් සැලසීම හරහා අනധികව ගස් කැපීම් සහ වන විනාශයන් පාලනය කිරීමටත්, අලි වැට නඩත්තු හා අධීක්ෂණ කටයුතු වේගවත් කිරීමටත් හැකිවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, දිස්ත්‍රික් ලේකම් ඇතුළු වනජීවී හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















