නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිතක්ෂයට පත්වීම් පිළිබඳව සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, පීඩාවට පත් ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවේ සාෝකය සහ සහයෝගීතාවය පළ කර තිබේ.
X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම ව්‍යසනයෙන් පසු මුදවා ගැනීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. මීට මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකට මුහුණ දුන් රටක් ලෙස, නේපාල ජනතාව මුහුණ දී සිටින මෙම ඛේදවාචකයේ වේදනාව ශ්‍රී ලංකාවට හොඳින් වැටහෙන බව ඔහු පෙන්වා දී ඇත.
නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෞඩෙල් සහ අගමැති බලේන්ද්‍ර ශාහ් ඇතුළු එරට රජයට සහ ජනතාවට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේදී නේපාල බලධාරීන් මුහුණ දී සිටින අභියෝග තේරුම් ගනිමින් ඔවුන් සමඟ ශ්‍රී ලංකාව එකඟව සිටින බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.














