ජනප්‍රිය ඔන්ලයින් ක්ෂණික විලාසිතා (fast-fashion) සිල්ලර වෙළඳ සමාගමක් වන ‘ෂේන්’ (Shein) ආයතනය, සිය හොංකොං මංගල කොටස් නිකුතුව (IPO) හරහා ඩොලර් බිලියන 1.73ක (හොංකොං ඩොලර් බිලියන 13.6ක) ප්‍රාග්ධනයක් රැස් කර ගැනීම සඳහා සිය කොටස් මිල අපේක්ෂිත මිල පරාසයේ මැද අගයක පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.
චීනයේ ආරම්භ වී දැනට සිංගප්පූරුව මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන ෂේන් සමාගම, දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ හොංකොං කොටස් වෙළඳපල ලැයිස්තුගත කිරීම පසුගිය සඳුදා ආරම්භ කළේය. එහිදී ඔවුන් එක් කොටසක් හොංකොං ඩොලර් 47.60ත් 49.50ත් අතර මිල පරාසයක් යටතේ කොටස් මිලියන 280ක් අලෙවි කිරීමට කටයුතු යොදා තිබිණි.
තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැති මෙම තොරතුරු අනාවරණය කළ මූලාශ්‍රවලට අනුව, මෙම කොටස් නිකුතුව එක් කොටසක් හොංකොං ඩොලර් 48.56ක් ලෙස මිල නියම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම වාර්තාව සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වෙත අදහස් දැක්වීමෙන් ෂේන් සමාගම මෙතෙක් ප්‍රතික්ෂේප කර තිබේ.
















