මෙම නව යාවත්කාලීන කිරීම යටතේ පරිශීලකයින්ට තවදුරටත් රහස් අංක හෝ PIN මත පමණක් රඳා නොසී ඇඟිලි සලකුණු, මුහුණු හැඳුනුම්පත හෝ තිර අගුළු කේත භාවිතයෙන් ගිණුමට පිවිසීමේ පහසුකම හිමි වන අතර, ද්වි-පියවර සත්‍යාපනය අක්ෂරාංක සහ විශේෂ අක්ෂර ඇතුළත් ශක්තිමත් මුරපද ක්‍රමයකට උත්ශ්‍රේණි කර ඇත.
ඊට අමතරව ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් වෙත නාඳුනන අංක වලින් ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් වැඩි සන්දර්භයක් ලබා දීමටත්, අංකය පැමිණෙන ප්‍රදේශය මෙන්ම පොදු සමූහයන් පිළිබඳව දැනුවත් වීමටත් පහසුකම් සපයා ඇති බැවින්, දිනෙන් දින වර්ධනය වන සයිබර් වංචාවන්ට එරෙහිව මෙමඟින් ප්‍රබල ආරක්ෂාවක් සැලැකෙනු ඇත.
















