නේපාලය සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිතව ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
අද උදෑසන නිකුත් කළ නිවේදනයකට අනුව, ජීවිතක්ෂයට පත්වූවන් අතරින් 64 දෙනෙකු චිත්වන් (Chitwan) දිස්ත්‍රික්කයේ පහත් බිම් ප්‍රදේශවලින් ද, තවත් 26 දෙනෙකු නවාල්පරාසි නැඟෙනහිර (Nawalparasi East) ප්‍රදේශයෙන් ද හමුවී තිබේ. මීට අමතරව, තවමත් අතුරුදන්ව සිටින සිය ගණනක් පිරිස අතරට පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.
ජංචල් සෆාරි (jungle safaris) සඳහා ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන චිත්වන් ඇතුළු මහ නගර සභා කිහිපයකම ගංවතුර මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ වන විට දැඩි අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
















