මොණරාගල දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බතල ආර වැව ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ වැව් රැසක් ශීඝ්‍රයෙන් සිඳී ඉරිතලා ගොස් තිබේ.
වසර ගණනාවකට පසු එල්ල වූ මෙම දරුණු නියඟය නිසා පානීය ජලය සහ කන්න තණකොළ නොමැතිව ප්‍රදේශයේ ගවයින් දැඩි මරණ බයකින් පසුවන බව ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම වැව් සිඳී යාම නිසා ජලජ ජීවීන් සහ ජලජ ශාක විනාශ වී ඇති අතර, ගොවිතැන මෙන්ම අභ්‍යන්තර ධීවර කර්මාන්තයද සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත.
මෙම තත්ත්වය හමුවේ අසරණ වී සිටින සතුන්ට සහ ප්‍රදේශවාසීන්ට වහාම පානීය ජල පහසුකම් සපයා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














