ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය සමාගම විසින් (SLICGL) සංවිධානය කරන ලද 2025 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල මඟින් මෙරට අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ කැපවීම අගයමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ යන තේමාව පෙරදැරිව මොනාක් ඉම්පීරියල්ී හිදී පැවති මෙම උත්සවය සඳහා දිවයින පුරා අලෙවි නායකයින් සහ ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කළ වෘත්තිකයන් 700 කට අධික පිරිසක් සහභාගී වීම, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහ ව්‍යාප්තිය මනාව පෙන්නුම් කරන සාධකයක් විය.
මෙවර සම්මාන උළෙලේදී පෙර වසරට සාපේක්ෂව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වාර්තාගත ජයග්‍රාහකයින් පිරිසක් අභිනුමකට ලක්වීම විශේෂත්වයකි. රක්ෂණ උපදේශකයින්, අලෙවිකරණ විධායකයින්, ශාඛා හා ප්‍රාදේශීය කළමනාකරුවන් මෙන්ම ප්‍රධාන කාර්යාල අලෙවි නාලිකා නියෝජනය කරමින් පැමිණි මෙම ජයග්‍රාහකයින්, දැඩි ආර්ථික හා තරගකාරී පසුබිමක් තුළද තමන්ට පැවරී ඇති ඉලක්ක ඉක්මවා යමින් සමාගමේ ව්‍යාප්තියට ලබාදුන් දායකත්වය සභාවේ දැඩි ඇගැයීමට ලක්විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය, සේවාදායක සබඳතා ශක්තිමත් කළ බිම් මට්ටමේ වෘත්තිකයන්ට ලබාදුන් ප්‍රබල දිරිගැන්වීමක් විය.
මෙවැනි ඉහළ කාර්ය සාධන ඇගැයීම් වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශය තුළ පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වන අතරම, ඉදිරි ආර්ථික අභියෝග හමුවේ ආයතනික තරගකාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය වෘත්තීය පසුබිම සකස් වේ. ඉදිරියේදී මෙම අලෙවි වෘත්තිකයන්ගේ දායකත්වය සමාගමේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙන්ම, සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් සෘජුවම බලපානු ඇති බව ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.














