ජර්මනියේ බර්ලින් අගනුවර ආසන්නයේ පිහිටි ගෝසන්-නොයි ඩිටව් (Gosen-Neu Zittau) නගරයේ පාසලක සිදුවූ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ජර්මන් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය අය අතර අදාළ පාසලේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි සිසුවියක් වන අතර, ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන්නේ ඇගේ 19 හැවිරිදි හිටපු පෙම්වතා ය. එම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු ද මෙහිදී මියගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ ස්ථානය පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්‍රහාරයට හේතුව සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














