හලාවත සොහොන් කාලි කෝවිලේ වාර්ෂික මංගල්‍යය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
මෙවරත් හලාවත පැවැත්වූ උත්කර්ෂවත්ම ආගමික මංගල්‍යයක් ලෙස මෙය ඉතිහාසයට එක්වූ අතර, මංගල්‍යය නැරඹීමට සහ ආශීර්වාද ලබා ගැනීමට දහස් ගණනක් බැතිමතුන් හලාවතට පැමිණ සිටියා.
මංගල්‍යයට සමගාමීව පැවති විශේෂ ආගමික හා සංස්කෘතික අංග හේතුවෙන් හලාවත නගරය පුරාම උත්සවශ්‍රීයක් දක්නට ලැබුණු අතර, රාත්‍රිය පුරාම බැතිමතුන්ගෙන් ප්‍රදේශය පිරී පැවතුණා. මෙවර මංගල්‍යය හලාවතම ඒකාලෝක කළ අති උත්කර්ෂවත් අවස්ථාවක් බවට පත්වුණා.














