තමන්ගේ වසර 20ක ක්‍රිකට් ජීවිතය සහ කීර්තිනාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ඩිල්ෂාන් මහතා, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් සහ සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම තමන්ගේ ප්‍රචාරණය සහ මනාප (Views) ලබාගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් යොදා ගනිමින් අසත්‍ය පතුරා හැරීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටි හිටපු නායකයා, මෙම මඩ ප්‍රචාරයන්ට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන්ගේ නීතිඥ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.













