III වන චාල්ස් රජු සහ කැමිලා රැජින මෙම වසර අගදී කැරිබියන් දූපත්හි නිල සංචාරයක නිරත වන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 04 දක්වා පැවැත්වෙන මෙම දින 08ක සංචාරයේදී රාජකීය යුවළ ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීමට නියමිත අතර, බහමාස් සහ ගයනාව වෙතද සංචාරය කිරීමට නියමිතය. 2021 වසරේ බාබඩෝස් රාජ්‍ය සංචාරයෙන් පසු චාල්ස් රජු කැරිබියන් කලාපයට යන පළමු අවස්ථාව මෙය වන අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.













