දකුණු ලෙබනනයේ නබාතියේ පළාතේ පිහිටි අරාබ් සලීම් නගරයට ඉශ්‍රායල ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාරයකින්, විවාහ වී දින දෙකක් පමණක් ගතවූ තරුණ නවමනාලියක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවිල් වැසියන් කිහිපදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව ලෙබනන ජාතික පුවත් සේවය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස දකුණු ලෙබනනයේ ඉලක්ක වෙත මෙම ප්‍රහාර මාලාව එල්ල කළ බව ඉශ්‍රායල ආරක්ෂක බලකාය තහවුරු කරයි.
මේ අතර ගාසා තීරයේ ගාසා සිටි ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් එල්ල වූ තවත් ඉශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, දෙපාර්ශවය අතර ගැටුම් උග්‍රවීමත් සමඟ ප්‍රදේශයේ අස්ථාවරත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ.














