මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (27) රාත්‍රියේ වීථි සංචාරය කළ උත්කර්ෂවත් අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව තිබේ.
ජනාධිපතිවරයා සමඟින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන් ද එක්ව සිටියහ. මීට අමතරව මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු විදෙස් තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම ඓතිහාසික අවස්ථාවට එක්වූහ.















