දකුණු ලෙබනනයේ නබාටියේ (Nabatieh) පළාතේ අරාබ් සලීම් (Arab Salim) නගරයට අද උදෑසන එල්ල වූ ඊශ්රායල ගුවන් ප්රහාරයකින් අලුත විවාපත් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
පසුගිය දින කිහිපය පුරා දකුණු ලෙබනනයේ ප්රදේශ කිහිපයකට ඊශ්රායලය විසින් අඛණ්ඩව ගුවන් ප්රහාර එල්ල කරමින් සිටින අතර, ඊයේ දිනයේදී ද නබාටියේ හි පිහිටි බියෝට් එස් සයීඩ් (Biout es Sayed) ගම්මානය ඉලක්ක කරගනිමින් ද ප්රහාරයක් එල්ල කර තිබිණි.
තොරතුරු උපුටා ගැනීම:Mario nwafal(x) ඇසුරින්















