ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ.
මිලදී ගැනීමේ හැකියාව (PPP) අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනය ඩොලර් 200ක් ලෙස දක්වා ඇති අතර, දකුණු ආසියාතික රටවල් අතුරින් පාකිස්ථානය (68), නේපාලය (78), බංග්ලාදේශය (89) සහ ඉන්දියාව (111) ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙයි. මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර, ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) 11 වන ස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය ඇතුළු රටවල් 10ක් පමණක් පසුවන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
















