අධිකරණවල යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය ජාතික ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක, ආරවුල් විසඳීම සඳහා විකල්ප ක්‍රමවේද වෙත යොමුවීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දෙයි.
කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, පුද්ගලයින් සහ ආයතන මුහුණ දෙන ආරවුල්වලින් 90%ක්ම සාකච්ඡා, මැදිහත්වීම්, සංහිඳියාව සහ බේරුම්කරණය වැනි විකල්ප ක්‍රම හරහා ඵලදායී ලෙස විසඳාගත හැකි බවයි. ආරවුලක් ඇති වූ වහාම නඩුකරණයටම යොමුවීමට නීති වෘත්තිකයින් ක්ෂණිකව කටයුතු කිරීම මෙම අධිකරණ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, නීති අධ්‍යාපනය තුළින්ම මෙම විකල්ප ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් විනිසුරු කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















