ෆීෆා (FIFA) ලෝක කුසලාන තරගාවලිවල වාණිජ අයිතීන් පෞද්ගලික ආයෝජකයින් වෙත අලෙවි කිරීමට දැරූ උත්සාහයට එරෙහිව, ෆීෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝට (Gianni Infantino) විරුද්ධව ස්විට්සර්ලන්තයේදී අපරාධ චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යූඊඑෆ්ඒ (UEFA) සංවිධානය සැරසෙයි.
‘Fifa Forward Enterprise’ (FFE) නමින් නව සමාගමක් අරඹමින් ඩොලර් බිලියන 4.2කට මෙම අයිතීන් කුණුකොල්ලයට අලෙවි කර තමන්ගේ සහ පෞද්ගලික ආයෝජකයින්ගේ මඩිෆාත් කරගැනීමට ඉන්ෆැන්ටිනෝ උත්සාහ කළ බවට යූඊඑෆ්ඒ සංවිධානය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ අධිකරණ හමුවේ අපරාධ නඩුවක් පැවරීමට අවශ්‍ය සාක්ෂි ලබාගැනීම සඳහා යූඊඑෆ්ඒ සංවිධානය ඇමරිකාවේ ෆ්ලොරිඩා අධිකරණයට ද ලේඛන ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
















