චීන විදේශ අමාත්‍ය වං යී (Wang Yi) සහ චීනයේ අමෙරිකානු තානාපති ඩේවිඩ් පර්ඩියු (David Perdue) අතර හමුවක් ඊයේ (26) බෙයිජිං නගරයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතා ස්ථාවරව ගොඩනැගීම, මතභේද නිසියාකාරයෙන් පාලනය කිරීම සහ සියලු බාධා ඉවත් කරමින් තිරසර සංවර්ධනයක් උදෙසා කටයුතු කිරීමේ අවශ්‍යතාව වං යී මහතා මෙහිදී අවධාරණය කළේය. ඉකුත් මැයි මාසයේ සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ සාර්ථකත්වය සිහිපත් කළ තානාපති ඩේවිඩ් පර්ඩියු, ඉදිරි නායක හමුවීම් සඳහා මනාව සූදානම් වීමටත් අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අමෙරිකාවේ කැමැත්ත පළ කළේය.
















