අමෙරිකාව සහ කැනඩාව අතර පිහිටි විශ්වප්‍රකට ‘ඔන්ටාරියෝ විල’ (Lake Ontario) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ඇමෙරිකා විල’ (Lake America) ලෙස නැවත නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝගයකට අද (27) අත්සන් තබා තිබේ.
අමෙරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත මෙම නාම වෙනස සිදුකිරීමට නියෝග කර ඇති අතර, උතුරු අමෙරිකාවේ පිහිටි මහා විල් පහෙන් එකක් වන මෙම විල කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයට සහ අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට මායිම්ව පිහිටා ඇත. පසුගිය සතියේ අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා අඩාල වීමත් සමඟ ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















