නේපාල සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින හෝ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල වෙසෙන හෝ සංචාරයේ නිරත වී සිටින යම් ශ්‍රී ලාංකිකයකු පිළිබඳ තොරතුරු හෝ සහය අවශ්‍ය නම් 070 7887778 (ජංගම දුරකතන හා WhatsApp) හෝ ස්ථාවර දුරකතන අංක 0112 473899 හරහා මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සම්බන්ධ කර ගත හැක. මීට අමතරව [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේද තොරතුරු ලබා දිය හැකි අතර, පවතින අධික ඇමතුම් තදබදය නිසා වඩාත් ඉක්මන් සන්නිවේදනයක් සඳහා WhatsApp පණිවිඩ භාවිත කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියයි.
මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති අතර, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි +977 9851048653 යන දුරකතන අංකයෙන් හෝ [email protected] ලිපිනයෙන් ද සම්බන්ධ කර ගත හැකි බව දන්වා සිටී.
















