ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) මහනුවර ජනාධිපති මැදුරේදී පැවැත්වේ.
දහවල් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණ, මෙවර පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව නිම කළ බව දැක්වෙන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
මෙහිදී පෙරහරට දායකත්වය ලබාදුන් රාජ්‍ය නිලධාරීන් සහ නිලමේවරුන් ඇගයීමට ලක් කෙරෙන අතර, ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන්ට ජනාධිපතිවරයා අතින් මුදල් හා සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. තවද, පෙරහර මංගල්‍යය වෙනුවෙන් පෙරහර භාරය මඟින් ශ්‍රී දළදා මාලිගාවට රුපියල් ලක්ෂ 45ක් සහ සෙසු දේවාලවලට රුපියල් ලක්ෂ 35 බැගින් පිරිනැමීමට නියමිතය.
















