නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව දැනගැනීමට ලැබීමෙන් තමා දැඩි ලෙස සංවේගයට පත්වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වී සිටින නේපාලය වෙත අවශ්‍ය වන මුදාගැනීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් සඳහා සහය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත. මීට මාස 10කට පෙර සිදු වූ දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින රටක් ලෙස, ශ්‍රී ලංකා ජනතාව නේපාල ජනතාවගේ දුක සහ වේදනාව එකසේ තේරුම් ගන්නා බවත්, සමස්ත නේපාල ජනතාව වෙත තම හදපිරි ශෝකය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















