ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ චීන ව්‍යාපාරික සමූහ අතර ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මෙල්බර්න් නුවරදී පවත්වා තිබේ.
මෙල්බර්න් නුවර පැවැති “Invest Sri Lanka” ආයෝජක සංසදයට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවකදී, මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCA) මෙල්බර්න් ශාඛාව ඒකාබද්ධව මෙම හමුව සංවිධානය කර ඇත. මෙහිදී මුදල්, සැපයුම් දාම (logistics) සහ සේවා ක්ෂේත්‍ර නියෝජනය කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ චීන ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ඛනිජ වැලි, නැව්ගත කිරීම් සහ සැපයුම් දාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පවතින ආයෝජන අවස්ථා මෙන්ම, කොළඹ වරාය නගරය (CHEC Port City Colombo) හරහා ලබාගත හැකි පහසුකම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. එසේම, වික්ටෝරියා පදනම් කරගත් චීන සමාගම්වලට තම කලාපීය මූලස්ථාන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට ආරාධනා කළ ඔහු, 2027 වසරේ පැවැත්වෙන “Sri Lanka EXPO 2027” ප්‍රදර්ශනයට සහභාගී වන ලෙසද ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය.
















