ජාතික ශිෂ්‍ය භට බළකායේ අංක 45 දරන ආධුනික නිලධාරි පාඨමාලාව දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනා පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කර තිබේ.
පසුගිය ජූනි මස 22 වැනි දින ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා කාන්තා ශිෂ්‍ය භට නිලධාරිනියන් 18 දෙනකු හා පිරිමි ශිෂ්‍ය භට නිලධාරින් 28 දෙනකු ඇතුළුව සමස්ත ශිෂ්‍ය භට නිලධාරීන් 46 දෙනෙක් සහභාගි වූහ. දැඩි ශාරීරික පුහුණුව, සරඹ පුහුණුව, න්‍යායාත්මක දේශන සහ ක්ෂේත්‍ර පුහුණු සැසි හරහා ශිෂ්‍ය භට නිලධාරීන්ගේ නායකත්ව හැකියාව, විනය සහ මූලික හමුදා කුසලතා වර්ධනය කිරීම මෙහිදී අරමුණු කෙරිණි.
පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක මහතා සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ආධුනික නිලධාරී ජේ.එම්.ඒ.එස්. ජයසුන්දර විසින් හිමිකම කරගන්නා ලදී.
















