මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය වන මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ ජලයෙන් යටවී තිබූ පැරණි ගම්මාන සහ ජනපදවල නටඹුන් මේ වන විට යළි මතු වී තිබේ.
මේ දිනවල පවතින වියළි සහ වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇත. මීට පෙර ග්‍රාම සේවා වසම් හතක විශාල භූමි භාගයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ අතර, මේ වන විට හතේ කණුව, කෝංගහවෙල, කඹරව සහ මොරගොල්ල ඇතුළු පැරණි ජනපදවල මතක සටහන් හා නටඹුන් මෙලෙස නැවත දැකගත හැකි වී තිබේ.
















