උපාධි අපේක්ෂකයන් සහ උපාධිධාරීන් ඉලක්ක කරගනිමින් “නීතිය හා සාමය ආරක්ෂා කිරීම” සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ දේශනයක් මට්ටක්කුලිය නාරා වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයේදී පවත්වා තිබේ.
කොළඹ උතුර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත, කොට්ඨාශ මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක එස්. ජේ. පී. එල්. ජයවික්‍රම මහතා විසින් මෙම දේශනය මෙහෙයවන ලදී. නාරා වෘත්තීය පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් අමරලාල් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
















