නිසි ක්‍රමවේදයකින් තොරව සිදු වූ ලේබල් පටලැවිල්ලක් සහ අමාත්‍යාංශ මට්ටමේ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වන එන්නත් ලක්ෂයකට අධික තොගයක් (එන්නත් 175,000ක් පමණ) වෛද්‍ය සැපයුම් ගබඩාවල සිරවී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කර තිබේ.
මෙම තත්ත්වය මත ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් 75,000කට වැඩි පිරිසකගේ ජීවිත දැඩි අවදානමකට සහ අනතුරකට ලක්ව ඇති බව හෙතෙම පෙන්වා දෙයි. රෝගීන්ගේ ජීවිත මරණ අභියසට පත්ව ඇති මෙම අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු බලධාරීන් වහාම මැදිහ වී, පවතින ලේබල් හා නියාමන ගැටලු කඩිනමින් විසඳා අදාළ අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් තොග රෝගීන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ඔහු දැඩි ලෙස අවධාරණය කර ඇත.
















