යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 205ක මුළු පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත.
වර්තමානය වන විට ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් වෙමින් පැවතියද, සැලසුම් කළ කාලයට වඩා කටයුතු තරමක් ප්‍රමාද වී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව, ධීවරයන්ගේ සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන, ඉතිරි කටයුතු කඩිනම් කර ඉදිරි මාස දෙක ඇතුළත සියලු වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හරහා ධීවරයන්ගේ වෘත්තීය අවශ්‍යතා පහසු වන අතරම ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් තහවුරු වනු ඇත.
















