මහනුවර පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවලන්තැන්න ග්‍රාම නිලධාරි වසමේ ලෙබනන් කොටසේ පදිංචිව සිටියදී, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ නිවාස හානිවලට මුහුණ දුන් වතු පවුල් 25ක් සඳහා ස්ථීර නිවාස ඉදි කරදීමේ සමාරම්භක අවස්ථාව පසුගියදා (26) පන්විලදී පවත්වන ලදී.
රාජ්‍ය වැවිල් සංස්ථාවට අයත් ගෝමරේ රාජ්‍ය වතුයායට අයත් ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එහිදී එක් පවුලක් වෙනුවෙන් පර්චස් 10 බැගින් වන ඉඩම් කොටස් ලබා දී තිබේ. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
















