ගම්පොල, උලපනේ සාර්ක් ගම්මානය ප්‍රදේශයේදී අමතර පන්තියක ගුරුවරියක සහ සිසුවෙකු අතර පවතින සබඳතාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කළේ යැයි පවසමින් කුඩා දරුවෙකුට සහ එම දරුවා බේරාගැනීමට ගිය පියාට පහරදීමේ පුවතක් වාර්තා වේ.
උඩගම ප්‍රදේශයේ පැවැත්වෙන අමතර ඉංග්‍රීසි පන්තියක සිදුවීමක් මුල්කරගනිමින් වෙනත් ළමුන් දෙදෙනෙකු ලවා අදාළ දරුවා පාළු ස්ථානයකට ගෙන ගොස් මෙම පහරදීම සිදුකර තිබේ. 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, දරුවා සොයා පැමිණි පියාටද එම පිරිස විසින් පහරදී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.















