රාජ්‍ය දූෂණ සහ වංචාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පනවන ලෙස බලකරමින් දහස් සංඛ්‍යාත ඉන්දුනීසියානු ජාතිකයින් ජකර්තා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය අසලට රැස්වී දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ.
දූෂණ විරෝධී නීති රීති තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, මහජන මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා ලෙසත් බලකරමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් පැමිණ ඇත.
මෙම විරෝධතාව හේතුවෙන් අගනුවර ආරක්ෂාව තර කිරීමට සහ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.















