විද්‍යුත් බයිසිකල් සහ විද්‍යුත් ස්කූටර්වල භාවිත වන ලිතියම්-අයන් බැටරි හදිසියේ ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් එක්සත් රාජධානිය තුළ පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 700 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
දෝෂ සහිත බැටරි සහ නුසුදුසු චාජර් භාවිතය නිසා මෙලෙස හදිසි ගිනිගැනීම් සහ පිපිරීම් වාර්තා වන අතර, එමගින් සිදුවන අනතුරු සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මෙම අවදානම් සහිත තත්ත්වය හමුවේ ඊ-බයික් සහ ඊ-ස්කූටර් බැටරි සඳහා දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් සහ නියාමනයන් හඳුන්වා දෙන ලෙස බ්‍රිතාන්‍ය ගිනි නිවන සේවා සහ ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා සිටියි.
















