පසුගිය 2026 අගෝස්තු 27 වන දින උදෑසන බදුල්ල පොලිස් වසමේ උස්වැලි මාලත ප්‍රදේශයේදී, වැලිමඩ දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටළීමක් සිදු කර නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බදුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට පත් වී ඇති සැකකරු අවුරුදු 29ක් වන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බදුල්ල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
—
















