පූනාගල, කබරගල “නවෝදයාගම” නව නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව, එම වැඩසටහනට එක් වූ බණ්ඩාරවෙල දෙමළ මහා විද්‍යාලයේ දරු දැරියන් විසින් වර්ණවත් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව දරුවන් විසින් ජනාධිපතිවරයා සමඟ සාමූහික ඡායාරූපයකට පෙනී සිටීමට අමතක නොකළහ.
















