ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් යුද්ධයේදී වර්ග සංහාරයක් සිදුකළ බවටත්, ක්ලස්ටර් බෝම්බ ඇතුළු තහනම් ආයුධ භාවිත කළ බවටත් අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතික ආරක්ෂාවට හානි කිරීමට කටයුතු කළ බවට ජීවන්ත පීරිස් නමැති පූජකවරයාට චෝදනා එල්ල වී තිබේ.
‘බහුජන බලය’ සංවිධානයේ අංජන උදාර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන අවසන් කර ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ඉදිරි විමර්ශන සහ ක්‍රියාමාර්ග සඳහා අදාළ ගොනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) වෙත යොමු කර ඇති බව මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අනාවරණය විය.














